Friday, March 22, 2013

Don't Worry - ඩෝන්ට් වොරි - දුක් වෙන්න එපා

මේ කතා රටාව කතා කරන්න පටන් ගනිද්දිම ඔබ හිතයි ''අයියෝ මං දන්නා දේවල්නේ'' කියල. එහෙම නම් ඇත්තටම ඔබ negative  imperatives  (නැත යන විධානයන් )දන්නවා නම් ඇත්තටම මාරයි .....ඒ කියන්නේ ඔයා මිලියන සියගණනක් වන ඉංග්‍රීසි කතා කරන ජනතාව අතර ඉන්න කෙනෙක් .

එහෙම කියන්නේ ලොව පුරා වෙසෙන මිලියන සියගණනක් වන ඉංග්‍රීසි කතාකරන ජනතාව ඔවුන් කතාකරන හැම වචන විස්සකටම වරක් මේ negative imperatives පාවිච්චි කරනවා .පුදුම ඇති නේද ?එත් ඇත්ත එක තමයි අවශ්‍ය නම් බලන්න ඉංග්‍රීසි චිත්‍ර පටයක් ඔබටම ඇත්ත තේරෙයි.

ඒ තරමටම මේ negative commands වටිනවා ඇයි ඒ ....ලෝකයේ බොහෝ දෙනාට  අද වෙලා තියන්නේ ''දෙයක් කරන්න '' කියනවාට වඩා ''කරන්න එපා '' කියන්න ලෝකය ඒ තරමටම අද නපුරු වෙලා . හිතුවක්කාර වෙලා .

ඒ නිසා ඉතාම අවධානයෙන් යුතුව ඉතාම පරිස්සමින් මේ කොටස හදාරන්න .ඔබ අතනින් මෙතනින් දන්නවා ඇති. එත් රටාව පැහැදිලිව  පිළිවෙලට ගලා යන ආකාරය .ඉගෙන ගන්න.නැවතත් කියනවා මේ කොටස ඉතාමත් වැදගත්.

(This is very important  lesson .You had better learn this again and again)

හොදයි ..අපේ මේ කතා රටාවේ ඒ කියන්නේ negative  imperatives  හි සිංහල රටාව තමා ''එපා ''කියන එක .

ඒක ආයෙත් කරන්න එපා.
ලජ්ජා වෙන්න එපා . බෙදාගෙන කන්න.
මම එන තුරු බලන් එන්න එපා මම පරක්කු වෙනවා.
එක ඇත්තට ගන්න එපා ඒක  විහිළුවක්.
එයාට ඇහුන්කන් දෙන්න එපා.එයා කියන්නේ බොරු .
මෙතන වාහන නවත්තන්න එපා.පේන්නැද්ද බෝඩ් ගහල තියනවා.
මට රිද්දන්න එපා.

මේ තියන්නේ අර බර වචනේ දාල ඒ කියන්නේ negative imperative  කියන වචනේ දාල කියන්න හදන අදහස රටාව තේරුම් ගන්න.දැන් කතාවට එකතු වෙන්න .ඔබට අමාරු නැහැ.ඒත් සංවේදීව රටාව අල්ල ගන්න .එතකොට අයෙත් කවදාවත් මේ රටාව ඔබට වැරදින්නේ නැහැ .ඉතාම සරලයි .....

come කියන්නේ එන්න
Don't  come  කියන්නේ එන්න එපා
විධානයන් හැම විටකම ''නැත '' යන අර්ථයට පෙරලීමේදි එය කල හැකි ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ රටා දෙකක් තියෙනවා.

Do not  - ඩූ  නොට්
never  - නෙවර්

මෙන්න මේ ක්‍රම දෙකටම විධානයන් නැත යන අර්ථයට පෙරලන්න පුළුවන් .ඒ කියන්නේ negative commands හදන්න පුළුවන් .

Do not + come - Don't come
Do not + go - Don't go
Do not + work - Don't work
Do not + worry - Don't worry
Do not + pay - Don't pay

Never + do that - Never do that
Never + tell him - Never tall him

මේ ක්‍රම දෙකටම negative commands හදන්නට පුළුවන්. ඉංග්‍රීසි කතාවේදී වඩාත් සුලබ පොදු ක්‍රමය තමා Don't යෙදීම .

මෙකෙටි කිරීම් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ contractions (කන්ට්‍රක්ෂන්ස් )කියලා .ඔබ මතක තිය ගන්නට ඕන දේ තමා Do  not  කියන යෙදුම කෙටිකිරිම ඒ කියන්නේ contractions  එක Don't  කියලා .ඒක  උච්චාරණය කරන්නේ ඩෝන්ට් කියලා . දැන් ඔබ දන්නවා   negative commands හදන්න .අපි බලමු අපේ ජීවෙතේදී නිතර කතා කරන මෙවැනි විධානයන් මොනවද කියල

'come' සමග  negative commads
01. මාත් එක්ක එන්න එපා
      Don't come with me
      ඩෝන්ට් කම් විත් මී
02. අපිත් එක්ක එන්න එපා
      Don`t come with us
      ඩෝන්ට් කම් විත් අස්

03. තනියම එන්න එපා
      Don`t come along
     ඩෝන්ට් කම් අලෝන්

04.ආපසු එන්න එපා
     Don`t come back
     ඩෝන්ට් කම් බැක්

05.මෙහෙ එන්න එපා
     Don`t come here
     ඩෝන්ට් කම් හිඅ

06.පරක්කු වෙලා එන්න එපා
     Don't come late
     ඩෝන්ට් කම් ලේට්

07.රෑට ප්‍රමාද වෙලා එන්න එපා
     Don't come late at night
     ඩෝන්ට් කම් ලේට් ඇට් නයිට්

08.වේලාසන එන්න එපා
     Don't come early
     ඩෝන්ට් කම් අර්ලි

09.ගොඩක් වේලාසන එන්න එපා
     Don't come too early
     ඩෝන්ට් කම් ටු අර්ලි

10.ඇතුලට එන්න එපා
     Don't come in
    ඩෝන්ට් කම් ඉන්

'go' සමග  negative commads

11.එහෙ යන්න එපා
     Don`t go there
     ඩෝන්ට් ගෝ දෙයා

12.ගොඩක් වේගයෙන් යන්න එපා
     Don`t go too past
     ඩෝන්ට් ගෝ ටු පාස්ට්

13.තාත්තා කියන්න යන්න එපා
     Don`t go to tell dad
    ඩෝන්ට් ගෝ ටො ටෙල්  ඩ්

14.ඇදට (නින්දට)යන්න එපා
     Don`t go to bed
     ඩෝන්ට් ගෝ ටො බෙඩ්

15.මන් නැතුව යන්න එපා
     Don`t go without me...
     ඩෝන්ට් ගෝ වීතෞට්  මි

16.තනියම යන්න එපා
     Don't go along
     ඩෝන්ට් ගෝ අලෝන්ග්

17. පස්සට යන්න එපා
      Don't go back
     ඩෝන්ට් ගෝ බැක්

18. දැන්ම යන්න එපා
      Don't go now itself
     ඩෝන්ට් ගෝ නව් ඉට්සෙල්ෆ්
'tell' සමග  negative commads

19.බොරු කියන්න එපා
     Don't tell lies
    ඩෝන්ට් ටෙල් ලයිස්

20. බොරුවක් කියන්න එපා
     Don't tell a lie
     ඩෝන්ට් ටේල් අ ලයි

21. මට කියන්න එපා
     Don't tell me
    ඩෝන්ට් ටෙල් මි

22. කාටවත් කියන්න එපා.
      Don't tell anyone
     ඩෝන්ට් ටෙල එනිවන්

23.ඇයි කියලා මට කියන්න එපා
     Don't tell me why
     ඩෝන්ට් ටෙල්මි වයි

24.මොනවද කරන්න ඕන කියල මට කියන්න එපා
     Don't tell me what to do
    ඩෝන්ට් ටෙල් මි වට් ටු ඩූ

'Sclod(බනිනවා /බනින්න )' සමග  negative commads

25.මට බනින්න එපා
     Don't scold me
    ඩෝන්ට් ස්කොල්ඩ් මි

26.බබාට බනින්න එපා
    Don't scold the boy
    ඩෝන්ට් ස්කොල්ඩ් ද බොඉ

27.මගේ අම්මට බනින්න එපා
     Don't scold my mother
     ඩෝන්ට් ස්කොල්ඩ් මයි මද (ර්)

'say' සමග  negative commads

28. එක කියන්න එපා
      Don't say that
     ඩෝන්ට් සේ දැට්

29.එපා කියන්න එපා
    Don't say 'no'
    ඩෝන්ට් සේ නෝ

30.ඒක ආයෙත් කියන්න එපා
     Don't say it again
    ඩෝන්ට් සේ ඉට් අගේඉන්


 'ask'සමග  negative commads

31.මගෙන්  අහන්න එපා
     Don't ask me  
     ඩෝන්ට් ආස්ක් මී

32 ඔහුගෙන් අහන්න එපා 
    Don't ask him 
    ඩෝන්ට් ආස්ක් හිම්

33. තාත්තාගෙන් දැන්ම අහන්න එපා
      Don't ask father now itself  
      ඩෝන්ට් ආස්ක් ෆාද(ර්) නෞ ඉට්සෙල්ෆ් 

34. මගෙන් ඇය ගැන අහන්න එපා
      Don't ask me about her  
      ඩෝන්ට් ආස්ක් මි අබවුට් හ (ර්)

35. ප්‍රශ්න මොනවත් අහන්න එපා
     Don't ask any questions 
     ඩෝන්ට් ආස්ක් ඒනි ක්වෙස්චන්ස් 

36. වැඩිය අහන්න එපා 
      Don't ask too much 
      ඩෝන්ට් ආ ස්ක්  ටු මච්

37.වැඩිය ප්‍රශ්න අහන්න එපා 
     Don't ask too much questions 
     ඩෝන්ට් ආස්ක් ටු මැච් ක්වෙස්චන්ස් 

 'take'සමග  negative commads

38. ඒ ක ගන්න එපා
      Don't take it 
      ඩෝන්ට් ටකේ ඉට්

39.ඒක ඇත්තට ගන්න එපා
     Don't take it serious  
     ඩෝන්ට් ටේක් ඉට් සිරිඅස් 

40.ඒ ක ගන්න එපා . තියෙන්න අරින්න
    Don't take it. leave it  
    ඩෝන්ට් ටේක්  ඉට්. ලිව් ඉට්

41. ගොඩක් ගන්න එපා
      Don't take too much 
      ඩෝන්ට් ටේ ක්  ටු මච්

42.ගොඩක් වෙලා ගන්න එපා
     Don't take too much time  
     ඩෝන්ට් ටකේ ටු ම ච් ටඉම්

43. කන්න ගොඩක් වෙලා ගන්න එපා 
      Don't take too much time to eat 
      ඩෝන්ට් ටේ ක්  ටු මච් ටඉම් ටු ඊට්

44.එයාගේ අවවාද පිළිගන්න එපා  
     Don't take his advice
     ඩෝන්ට් ටේක් හිස් ඇඩ්වෛස්  

 'do'සමග  negative commads

45. එක කරන්න එපා
      Don't do that 
      ඩෝන්ට් ඩු දැට්

46.එක ආයෙත් කරන්න එපා
     Don't  do this work again 
     ඩෝන්ට් ඩූ දිස් අගේන්

47.මේ වැඩේ දැන් කරන්න එපා
     Don't do this work now  
     ඩෝන්ට් ඩූ දිස් වර්ක් නවූ



  

Friday, February 22, 2013

WERB 'be' එක්ක ජීවිතේ

   පුංචි පුංචි විධානයන් ගොඩ නගද්දී ඔබ යොදා ගත්තේ ක්‍රීයා පදයක මුලය .ඒ කියන්නේ ක්‍රියා පදයක මුල්ම කළල ස්වරුපය .ඒ කියන්නේ s ,ing ,ed ආදී වෙනත් රූපයන් එක් නොවූ පිරිසිදු මුල් රුපය werb stem  එක. work ගත්තත් go ගත්තත් keep ගත්තත් take ගත්තත් ඔබ හදුනා ගත්තේ ඒ ක්‍රියා පදේ මුල් රුපය .
(the stem of the worb )