Friday, February 22, 2013

WERB 'be' එක්ක ජීවිතේ

   පුංචි පුංචි විධානයන් ගොඩ නගද්දී ඔබ යොදා ගත්තේ ක්‍රීයා පදයක මුලය .ඒ කියන්නේ ක්‍රියා පදයක මුල්ම කළල ස්වරුපය .ඒ කියන්නේ s ,ing ,ed ආදී වෙනත් රූපයන් එක් නොවූ පිරිසිදු මුල් රුපය werb stem  එක. work ගත්තත් go ගත්තත් keep ගත්තත් take ගත්තත් ඔබ හදුනා ගත්තේ ඒ ක්‍රියා පදේ මුල් රුපය .
(the stem of the worb )

ඉතින් මේ විධානයන් ලබා දීමට යොදා ගන්නා තවත් සුවිශේෂ ඇත්තටම මේ හැම verb එකකටමත් වඩා වැදගත් verb  එකක් තියෙනවා .

ඒ verb  එක ගැන වෙනමම කතා කලොත් හොද නිසා අපි දැන් එක ගනිමු .

ඊට කලින් ඔබ සිංහල කතා කරද්දී නිතරම කියන මේ සරල විධානෙයන් දිහා මොහොතකට බලන්න .
- ඉවසීමෙන් ඉන්න
- නිශ්ශබ්ද්ද වෙන්න
- නිහඩ වෙන්න
- සන්සුන් වෙන්න
- පරිස්සම් වෙන්න
- අවංක වෙන්න
- සුදානම් වෙන්න
- විනීත වෙන්න
- කල්පනාකාරී වෙන්න

මොකද ඔබට හිතෙන්නේ මේ සරල විදානයන් දිහා බලද්දී ඇත්තටම ඔබට මේ සරල විදානයන් හරිම පුරුදුයි , හුරුයි නේද, ඔබ මේ විධානයන් දෙද්දී කියන්නේ වෙන්න ,වෙන්න ,වෙන්න  කියල නේද ......ඔව් එක එහෙමම තමයි .
දැන් මේ විධානයන් ඉංග්‍රීසියෙන යොදද්දී මේ ''වෙන්න '' කියන ක්‍රියා පදය සදහා යොදා ගන්න ක්‍රියා පදය මොකක්ද ?
ඉංග්‍රීසි බාෂාවේ තියෙන සැම කතා රටාවකටම ගැලපෙන කතා රටාවක් සිංහල බසෙත් තියෙනවා .ඒ නිසා අපට දැන් සොයා ගන්නට වෙනවා අපි මේ සිංහලෙන් කතා කෙරෙන/කරපු විධානයන් හිදී යොදා ගත්ත වෙන්න, වන්න, ඉන්න කියන ක්‍රියාවන්ට ගැලපෙන ඉංග්‍රීසි ක්‍රියා පදය .

ඉංග්‍රීසි කතාවේ අතිශය වැදගත් ක්‍රියාපදය 

සිංහල බාශාවේදී '' වෙන්න'' '' වන්න'' ''ඉන්න '' නම් වූ ක්‍රියාවන් සදහා යොදා ගන්න ඒ ක්‍රියා පදය ඉංග්‍රීසි බාශාවේ ඉංග්‍රීසි කතාවේ තිබෙන වැදගත්ම ක්‍රියා පදයි .
ඒ නිසා මේ ක්‍රියා පදය වඩාත් නිරවුල්ව ,පැහැදිලිව , පිළිවෙලටඉගෙන ගැනීමට ම ඔබට ඇරැවුම්  කරනවා 

BE (be )- බි - ඉන්නවා ,සිටිනවා ,වෙනවා ,ඉන්න ,වෙන්න, වන්න

මේ be verb  එකේ විවිධ රූපයන් චරිත ස්වාබාවයන් තියනවා.අපි මතුවට ඒවා ලස්සනට කියනවා.දැනට ඉතාම සරල නමුත් නිරවුල්ව හිතාගන්න be කියන්නේ ''වෙන්න '' ''වන්න'' ''ඉන්න '' කියන තේරුම් දෙන ක්‍රියාපදයක් .

දැන් අපට පුළුවන් අපි අර මුලින් සිංහලෙන් කියූ ''පුංචි විධානයන් '' ''සරල ඉල්ලීම් ''ටික ඉංග්‍රීසියෙන් කියන්න .මොකද දැන් අපි දන්නවා ඒ විධානයන් වලදී යොදාගත්ත ''වෙන්න ''වන්න''ඉන්න''කියන අදහස් 'be '' කියන ''verb ''එකෙන් පැහැදිලිව කියන්නට පුළුවන් කියලා .

01.වෙන්න -be -බී
02.කාරුණික වන්න -be kind - බී කයින්ඩ්
03.පරිස්සම් වෙන්න -be careful - බි කෙයාෆුල්
04.අවංක වෙන්න -be honest -බි හොනස්ට්
05.නිහඩ වන්න -be silent - බි සයිලන්ට්
06.සන්සුන් වන්න -be clam -බි කාම්
07.කීකරු වන්න -be obediant -බි ඔබිඩීයනට්

08.සුදානම් වෙන්න -be ready - බි රෙඩ් 
09.සන්සුන් වන්න - be quiet - බි ක්වයිට් 
10.කල්පනාකාරී වන්න -be mindful - බි මයින්ඩ්ෆුල් 
11.මධස්ථ වන්න -be moderate - බි මොඩරේට් 
12.නිර්බිත වෙන්න - be brave - බි බිරෙව් 
13.නිහතමානී වන්න - be humble -බි හම්බල් 
14.කාර්යක්ෂම වන්න -be efficient -බි එෆිසන්ට් 
15.සාමකාමී වන්න -be peaceful -බි පිස්ෆුල් 

'be 'කියන පදයෙන් ගොඩනගපු මේ විධානයන් මොනතරම් සුන්දරද ? .....මොනතරම් ප්‍රයෝජනවත්ද ......ඒ හැම අදහසකදිම 'be ' verb එක යෙදෙන ආකාරය හොදට සිහිය තබා ගන්න ඉතා ඉක්මනින් අපි යලිත් 'be 'verb  එකත් එක්ක දිග ගමනක් යන්නට පටන් ගන්නවා. 

විධාන, ඉල්ලීම් ,ආයාචනා  සදහා ක්‍රියා පදයේ ක්‍රියා කද ක්‍රියා මුලය යොදා ගත මේ රටාව හෙවත් ඉම්පරටිව් මුඩි (the imperative mood )එක නිතරම යෙදෙන තවත් පුංචි බවිත ගැනයි මේ ඔබට මතක් කරන්නට යන්නේ .

ඔබ ඉවුම් පිහුම් ඉගෙන ගන්න ගිහින් තියෙනවද ..... කියන්නේ cooking ඉගෙන ගන්න ගිහින් තියෙනවද .... පිටරටකදී කෑම වර්ග හදන හැටි විදේශීය කොකියෙකුගන් ඉගෙන ගත්තා නම් ඔහු කෑම වර්ග හදන ආකාරය ඔබට ඉංග්‍රීසියෙන් කියල දෙවි ....අන්න ඒ වෙලාවට එය ඒ කියන්නේ chef ඔයාට cooking කියල දෙන්නේ මේ අපි ඉගෙන ගන්නා සරල විධාන දීමේ රටාවෙන් . ඒ කියන්නේ imperative mood එකෙන් . අපි බලමු ඒ කොහොමද කියල.

Heat the oil in a pan ,add flour and stir -fry on low heat 
හිට් ද ඔයිල් ඉන් අ පැන් ,ඇඩ් ෆ්ලවර් ඇන්ඩ් ස් ට(ය) ෆ්‍රයි ඔන් ලෝ හිට් 
චාච්චියක තෙල් රත් කර ,පිටි එකතු කරන්න .පසුව හැදිගා මින් මද ගින්දරේ බදින්න.


01. කුකුල් මස් සෝදා පිරිසිදු කර ගන්න .
     wash and clean the chicken .
     වොෂ් ඇන්ඩ් ක්ලින් ද චිකන් 

02.සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කරන්න
    Mix all the ingredients together
    මික්ස් ඕල් ද ඉන්ග්රිදියන්ස් ටුගෙදර්

මේ තද අකුරෙන් දක්වා තියෙන්නේ ඉවුම් පිහුම් ඉගැන්වීමේදී යොදා ගන්නා ක්‍රියා පදයි. නැත්නම් imperative mood එකයි.

03.තාච්චියක තෙල් රත්  කරන්න
    Heat the oil on a pan
    හිට් ද ඔයිල් ඕන් අ පැන්

04.එක බිත්තරයක් එකතු කරන්න
     Add one egg
     ඇඩ් වන් එග්

05.සුදුළුනු මිශ්‍රණය ,ලුණු ,තෙල් සහ සොයා සෝස් එකට එකතු කරන්න
     Mix garlic past ,salt ,oil and soya source together
     මික්ස් ගාලික් පේස්ට් ,සෝල්ට් ,ඔයිල් ඇන්ඩ් සොයා සෝස් ටුගේදෙර්
(2013.03.05)

06.පැය 2ක් 3ක් පදම් වන්නට තබන්න
     Marinate for 2-3 hours
     මැරිනෙට්  ෆොර් ටු ත්‍රි අවර්ස්

07.විනාඩි අටක් දහයක් පුච්චන්න
     Roast for 8-10 minutes
     රොස්ට් ෆොර් 8-10 මිනිට්ස්

08.බටර් සහ තෙල් චච්චියක රත් කරන්න
     Heat the butter and oil in a pan
     හීට් ද බටර් ඇන්ඩ් ඔයිල් ඉන් අ පැන්

09.මිශ්‍රණය කොටස් 8කට බෙදන්න
     Divide the mixture into 8 portions
     ඩීවයිඩ් ද  මික්ස්ච ඉන්ටු එයිට් පෝෂන්

10.ඉස්සෝ පොතු අරින්න
     peel the prawns
    පිල් ද ප්‍රෝන්ස්

11.ඉස්සෝ මත දෙහි යුෂ සුදුලුනු ඉගුරු මිශ්‍රණය සහ ලුණු ගාන්න
     Rub lemon juice,ginger,garlic paste and salt on the prawns.
     රබ් ලෙමන් ජුස්,ජින්ජර්  ගාලික් පේස්ට් ඇන්ඩ් සෝල්ට් ඔන් ද ප්‍රෝන්ස්

12.වැඩි වතුර ඉවත් කිරීමට ඉස්සන් ටික මිරිකන්න
     Squeeze the prawns to remove excess water.
     ස්කුඉස් ද ප්‍රෝන්ස්  ටු රිමුව් එක්සස් වෝටර්

(2013.06.06)
13.පාන් කුඩු සහ තල ඇට එකට එකතු කර මිශ්‍රණයක් හදන්න
     Make a mixture of bread crumbs and sesame seed
     මේක් අ මික්චර් ඔෆ් බ්රෙඩ් ක්‍රම්බ්ස් ඇන්ඩ් සේසම් සීඩ්ස්

14.කොත්තමල්ලි කුඩු එකතු කරන්න.
      Add the coriander powder.
     ඇඩ් ද කොරියෙන්ඩර් පෞඩර්

15.තක්කාලි එකතු කර හැදිගන්න.
     Add the tomatoes and stir.
     ඇඩ් ද ටොමාටෝස් ඇන්ඩ් ස්ට(ය)

16.අර්තාපල් කපන්න
     කට් ද පොටෙටෝස්

17.උණුවෙන් පිළිගන්වන්න
     Serve hot
     සර්ව් හොට්

18.ශීත කර පිළිගන්වන්න
     Serve cold
     සර්ව්  කෝල්ඩ්

19.උණුවෙන් රොටිත් සමග පිළිගන්වන්න
     Serve hot with roti
     සර්ව් හොට් විත් රොටි

20.කොත්තමල්ලි කොළවලින් ලස්සන කරන්න
     Garnish with green coriander
     ගානිෂ්  විත් ග්‍රීන් කොරිඑන්ඩර්

  ඉතින් .....මෙහෙම ඉගෙන ගන්න එක ගැන ඔබට  මොකද හිතෙන්නේ.....වදයක්ද.... නැත්නම්  සුන්දර  අද්දැකිමක්ද .....

  ඕනම  දෙයක් ඉගෙන ගත යුත්තේ ජිවිතයට වඩාත්ම සමීප හා සංවේදී ආකාරයටයි . එතකොට ඒ දේ පිහිටනවා .

   ඔබ දන්නවා අපි තවමත් ඉන්නේ අපේ ප්‍රථම පාඩමේ. සමහර වෙලාවට ඔබට හිතෙනවත් ඇති ඇයි මේ පාඩම  මේ තරම් දිග කියලා . ඇත්තටම ඇයි දන්න්නවද .... ඕනම දෙයක මුල .... පටන් ගැන්ම හෙමිහිට පටන් ගන්න . ඒ හෙමිහිට යද්දී ඔබගේ ආශාව ආත්ම විශ්වාශය වඩවා ගන්න . ඔබට කවදත් වරදින්නේ නැ ...

තවමත් අපි ඉන්නේ සරල විදානයන් ,ඉල්ලීම් අයාචනයන්  කියන ඉම්පරටිව් මුඩ් එකේ . එතනදී  මම ඔබට කිව්වා අපි යොදාගන්නේ ක්‍රියා පදයක මුල් රුපය කියල . තවත් විදියකට කියනවා නම් verb stem (වර්බ් ස්ටෙම් )එක . ඒ කියන්නේ ක්‍රියා මුලය . ඉතින් මේ සරල පුංචි ක්‍රියා පදයට එක එක වැඩ කැලි දන්නා කලින් මේ ක්‍රියා පදයේ මුල් රුපයට දැන් පලවෙනි වැඩකැල්ල සරලව එකතු කරන්න දැන් සුදානම් වෙන්න.

       come කියල අපි කිව්වේ ''එන්න ''කියල.දැන් ''එන්න එපා ''කියන්න ඕන .
     come  back  කියල අපි කිව්වේ ''ආපහු එන්න ''කියන එකට .දැන් අපට කියන්න ඕන ''අපහු එන්න එපා ''කියල .

    ඒ කියන්නේ අපි කතා කරපු ''නැත ''යන අර්තයටයි අපි දැන් යන්න හදන්නේ.ඕනෑම කතා රටාවක ''නැත'' යන අර්ථය ඉංග්‍රීසියෙන් කියන්නේ negative -නෙගටිව් කියලා .ඒ කියන්නේ මීලගට අපි ඉගෙන ගන්නට යන්නේ නෙගටිව් ඉම්පරටිව් (negative imperatives ) හෙවත් negative commands .

        take  a little break and come back to the lesson.


2013.03.22   

No comments:

Post a Comment